මේ පළාත් පහේ කට්ටිය විමසිල්ලෙන් ඉන්න වෙනවා

උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ විමසිලිමත් වන ලෙස දැනුම් දෙමින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන් වන්නේ දිවයිනේ පළාත් 5 කට සහ ප්‍රදේශ කිහිපයක හෙට 19 දිනයේ උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කළ යුතු” මට්ටමක පවතින බවට අපේක්ෂා කරන බවයි.

උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර සහ දකුණු පළාත් සහ රත්නපුර සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල එලෙස උණුසුම ඉහළ යා හැකි බවට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව, අදාළ ප්‍රදේශවල ජනතාවට ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසටත්, වැඩි වෙලාවක් සෙවණ ඇති ස්ථාන වල හැකි පමණ විවේකීව සියන ලෙසටත් දැනුම් දී තිබෙනවා.

එමෙන්ම වැඩිහිටි, රෝගී පුද්ගලයින් මෙන්ම කුඩා ළමුන් පිලිබඳ සැලකිලිමත් වන ලෙසත් අධික වෙහෙසකාරී කටුයුතු සීමා කරන ලෙසත් හෙට දිනයේදී හැකි පිරිදි සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිතා කරන ලෙසටත් වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *