මේ රජයෙන් එයාලට නම් විශේෂ වරප‍්‍රසාද

සමාජයේ සංස්කෘතික සුපෝෂණයට විශේෂ දායකත්වයක් සපයන කලාකරුවන් සහ මාධ්‍යවේදීන් සඳහා මහල් නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
අද (16) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව පැහැදිලි කර සිටියා.
මහජන චීන සමූහාණ්ඩුවේ ආධාර ඇතිව නිවාස ඒකක 1,996 ක් ඉදිකරමින් පවතින අතර, එම නිවාස ඒකක 108 කින් සමන්විත මහල් නිවාස සංකීර්ණයක් කොට්ටාව, පළතුරුවත්ත ප්‍රදේශයෙන් වෙන් කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ එය ඉතා ඉක්මණින් ඉදි කිරීමට බලාපොරොත්තු වන බවයි.