විසඳන්න ගිය පිරිස රෝහලේ

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තුවාල ලැබූ සිසුන් තිදෙනෙක් බදුල්ල රෝහලට ඇතුළත් කර තිබෙන බව වාර්තා වෙනවා.
මෙම ගැටුම සිදු වී තිබෙන්නේ එම විශ්ව විද්‍යාලයේම තාක්ෂණ පීඨයේ දෙවන සහ තෙවන වසරේ ඉගනුම ලබන පිරිසක් අතර බව පොලීසිය සඳහන් කරනවා. කෙසේ නමුත් බදුල්ල රෝහලේ 09 වන වාට්ටුවේ ප‍්‍රතිකාර ලබන මොවුන්ගේ තත්වය බරපතල නැති බවත් මුහුණු වලට තුවාල සිදුවූ ඇති බවත් වාර්තා වෙනවා.
විශේෂයෙන් ම මෙලෙස පහර කෑමට ලක්වී ප‍්‍රතිකාර ලබන්නේ, අදාළ ගැටුම විසඳීම සඳහා මැදිහත් වූ එම පීඨයේම අවසන් වසරේ සිසුන් පිරිසක් බව වාර්තා වෙනවා.