ඇත්ගොව්වා වෙනුවෙන් පෙනීසිටි පුද්ගලයා රෝහලේ

හැටන් කොටගල නගරයේ පිහිටි හින්දු කෝවිලක පැවති පෙරහැරකට රැගෙන ආ අලියෙකු පුද්ගලයෙකුට පහරදීමේ සිදුවීමක් වාර්තා වෙනවා.

ඊයේ 12 දින හින්දු කෝවිලේ පෙරහැර අවසන්වී අලියා විවේක ගැනීම සඳහා කෝවිල් පරිශ්‍රයේ ස්ථානයක බැඳ සිටියදී පුද්ගලයෙකු අලියාට ආහාර ලබාදීමට උත්සාහ කර තිබුණු අතර, එම අවස්ථාවේදී මෙම ප්‍රහාරය එල්ලවී තිබෙන බව සඳහන් වෙනවා.

සිද්ධිය පිළිබඳ විමසීමේදී දැනගන්නට ලැබුණේ, ඇත්ගොව්වා අධික ලෙස බීමත්ව සිටීම නිසා පහර කෑමට ලක්වු පුද්ගලයා අලියාට කෑම දීමට ඉදිරිපත් වී ඇති අතර එහිදී ඔහු මෙම ප්‍රහාරයට ලක්වී තිබෙන බවයි.

අලියාගේ පහර කෑමෙන් තුවාල ලැබූ පුද්ගලයා කොටගල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කළ අතර, තුවාලකරුගේ තත්ත්වය බරපතළ නොවන බව පෙරහැර සංවිධායක කමිටුවේ නිළධාරියෙකු සඳහන් කර තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *