මේ තරම් කාලයක් රැකගත්ත තැනත් නැති වෙලා

ඉන්දියාව තේ සම්බන්ධයෙන් ලෝකයේ දෙවන ඉහළම අපනයනකරු බවට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දීය තේ මණ්ඩලය විසින් නිකුත් කරන ලද දත්ත වලට අනුව, ඉන්දියාව 2024 දී තේ කිලෝග්‍රෑම් මිලියන 254 ක් අපනයනය කර ඇති බව වාර්තා වෙනවා.

කෙන්යාව ගෝලීය තේ අපනයනයේ පළමු ස්ථානයේ සිටින අතර, ඉන්දියාව ශ්‍රී ලංකාව අභිබවා දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.

2023 දී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව තේ අපනයනයේ දී මිලියන 231 ක් පමණ සමඟ කරට කර සිටි නමුත් 2024 දී ඉන්දියාව කිලෝග්‍රෑම් මිලියන 24 ක් වැඩිපුර අපනයනය කරමින් ශ්‍රී ලංකාව අභිබවා ගොස් තිබෙනවා. 2024 දී ඉන්දියාවේ තේ අපනයනය රුපියල් කෝටි 7,112 කි. 2018 වසර හැරුණු විට පසුගිය වසර කිහිපය තුළ ඉන්දියාවේ අපනයන සංඛ්‍යාලේඛන මිලියන 200-225 ක් පමණ වන අතර, මෙම ආකර්ෂණීය වර්ධනය නේ කර්මාන්තයට 2030 වන විට කිලෝග්‍රෑම් මිලියන 300 සීමාවට ළඟා වීමේ බලාපොරොත්තුවක් ලබා දී ඇති බවයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *