ගුවන කැළඹූ ගුවන් අනතුර

අමෙරිකාවේ වොෂින්ටන් ඩී.සී අගනුවර ආසන්නයේ දී ගුවන්යානයක් සහ යුද්ධ හමුදාවට අයත් බ්ලැක්හෝක් වර්ගයේ හෙලිකොප්ටර් යානයක් උඩුගුවනේ දී එකිනෙක ගැටී අනතුරට ලක්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙලෙස අනතුරට ලක්ව තිබුණේ රේගන් ජාතික ගුවන්තොටුපොළට ගොඩබාමින් සිටි අමෙරිකන් ගුවන් සේවාවට අයත් මගී ප්‍රවාහන ගුවන්යානයක් වන අතර, අනතුරින් පසුව දෙකඩවූ ගුවන්යානය සහ, උඩුකුරුවූ හෙලිකොප්ටරය වොෂිංටන් ඩී.සී හි පොටොමැක් ගංගාවට ඇදවැටී තිබෙනවා.

අමෙරිකානු බලධාරීන් පවසන්නේ, කැන්සාස් හි සිට පැමිණි ගුවන් යානයේ මගීන් 60 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 64 දෙනෙක් සිට ඇති අතර, බ්ලැක්හෝව්ක් හෙලිකොප්ටරයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙක් ගමන් කරමින් සිටි බවයි.

රාත්‍රී අඳුර සහ කලාපයේ පවතින දැඩි ශීතල හේතුවෙන් මුදාගැනීමේ මෙහෙයුම් අසීරු වී තිබුණු නමුත් අනතුරෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් 18 දෙනකුගේ සිරුරු මේයව විට සොයාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

මේ අතර පවතින හදිසි අවදානම සළකා, රේගන් ජාතික ගුවන්තොටුපොළ කටයුතු තාවකාලිකව මුළුමනින්ම අත්හිටුවීමට බලධාරීන් පියවර ගෙන තිබෙන බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *