නිදි ඇඳේම මිය ගිය පොලිස් සැරයන්වරයා

අනුරාධපුර පොලිස් නිවස්නය තුළදී පොලිස් සැරයන්වරයෙක් නිදා සිටියදීම අද (27) උදෑසන මියගොස් තිබෙන බව වාර්තා වෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, අනුරාධපුර මූලස්ථාන පොලීසියේ පොලිස් භෝජනාගාරයේ පාලකවරයා ලෙස කටයුතු කළ 57 හැවිරිදි පොලිස් සැරයන්වරයෙකුයි.

මියගිය සැරයන්වරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිත අතර, මෘතශරීරය අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර තිබෙන බව සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *