ජනපතිත් ඇවිත් – පාර්ලිමේන්තුවේ මොකද වෙන්නේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුව වෙත පැමිණ තිබෙනවා.

අය වැය කාරක සභා විවාදයේ අවසන් දිනය අද වන අතර මේ වනවිටත් විවාදය පැවැත්වෙමින් තිබෙන අතර, ඒ අනුව අද දිනයේ ද මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යශයේ වැය ශීර්ෂ විවාදය පැවැත්වෙන බව සඳහන් වෙනවා.

උදැසන 10.00 ට විවාදය ආරම්භ වූ අතර, පස්වරු 6.00 ට විවාදය අවසන් වීමෙන් පසු අයවැය තුන්වනවර කියවීමේ ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතව තිබෙනවා.

මෙම වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පෙබරවාරි 17 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ අනුව, දින 07 කාලයක් විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවති අතර පෙබරවාරි 25 වන දින දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වුණා.

එහිදී අය වැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 109 කින් සම්මත වූ අතර, අයවැයට පක්ෂව ඡන්ද 155 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 46 පමණයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *