අපි හැමෝම වෙනුවෙන් අවසන් ගෞරව දැක්වූ ජනපති

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (24) දහවල් මෙරට වතිකාන තානාපති කාර්යාලය වෙත ගොස් අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ සිය ශෝකය පළකර තිබෙනවා.

තානාපති කාර්යාලය වෙත පැමිණි ජනාධිපතිවරයාව, ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති අගරදගුරු බ්‍රයන් උඩෙයිග්වේ හිමිපාණන් විසින් පිළිගනු ලැබුවා.

අනතුරුව උන්වහන්සේ සමග කෙටි කතාබහක නිරත වූ ජනාධිපතිවරයා, එහි තැන්පත් කර තිබූ ශෝක සටහන් පොතේ සටහනක්ද තබමින් අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ සියලු ලෝකවාසී කිතුනු ජනතාව වෙත ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ ශෝකය පළ කර සිටියා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *