ඉෂාරා ගැන බොරු ඔත්තු දුන්නට ලැබුණූ දඬුවම

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව කර සිටින ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය පිළිබඳව අසත්‍ය තොරතුරු ලබා දුන් සිද්ධියක් සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ලබන 24 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන බව වාර්තා වෙනවා.
දික්වැල්ල ප්‍රදේශයේ පදිංචි ලහිරු සම්පත් නැමැති සැකකරුවෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙන අතර, සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් සඳහන් කළේ, ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය ව සිටින ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාරිය පිළිබඳව අසත්‍ය තොරතුරු මෙම සැකකරු විසින් පොලිසිය වෙත සිය දුරකථනය මාර්ගයෙන් සම්ප්‍රේෂණය කිරීමට කටයුතු කර ඇති බවයි.
මේ තුළින් ඔහු පොලිස් පරීක්ෂණ නොමඟ යැවීමට කටයුතු කර ඇති බවත්, කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අධිකරණය හමුවේ චෝදනා කර තිබෙනවා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා අදාල සැකකරු ලබන 24 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.
