ක‍්‍රිකට් ආයතනයෙන් දුන් දඬුවම

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග එළැඹ ඇති තරග ගිවිසුම් කොන්දේසි කඩකිරීමේ චෝදනා මත දසුන් ශානකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අමෙරිකානු ඩොලර් 10,000 ක දඩයක් නියම කර තිබෙන බව වාර්තා වෙනවා.

දසුන් එම ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලියේ තරගයකට සහභාගී වීම සෞඛ්‍ය හේතු මත ප්‍රතික්ෂේප කර ඇති බව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.

කෙසේ වුවත්, ඊට අදාළව වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කළ දසුන් එම සහතිකය ඉදිරිපත් කළ දිනයේම ඩුබායි බලා පිටත්ව ගොස් එහිදී ඩුබායි ජාත්‍යන්තර ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගී වී තිබෙනවා.

එය තමන් හා දසුන් අතර අත්සන් තැබුණු තරග ගිවිසුමේ වෘත්තීයභාවය, සුපිලිපන්භාවය සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් තිබිය යුතු කැපවීම යන විදිවිධාන උල්ලංඝණය කිරීමක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනයේ සඳහන් වෙනවා.

සිද්ධියට අදාළව කෙරුණු පරීක්ෂණයකදී දසුන් තම ක්‍රියා කලාපය සම්බන්ධයෙන් කණාගාටුව ප්‍රකාශ කළ බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *