හිටපු ජනාධිපතිට සහ ආර්යාවට ලැබුණූ දඬුවම

පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඔලන්ටා උමාලා සහ ඔහුගේ බිරිඳ වන නදීන් හෙරෙවියාට වසර 15 ක සිර දඬුවම් නියම කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ, මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් වූ චෝදනාවකට වරදකරුවන් කරමිනි.
2006 සහ 2011 දී ඔහුගේ මැතිවරණ ව්‍යාපාර සඳහා බ්‍රසීලයේ ඉදිකිරීමේ සමාගමකින් නීති විරෝධී ආකාරයට අරමුදල් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මොවුන්ට මෙලෙස සිර දඬුවම් නියම කර ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කෙසේ වුවත්, 62 හැවිරිදි හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ මෙම චෝදනා ප්‍රතික්ෂේප කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර, ඒ කෙසේ වෙතත් වසර තුනකට අධික කාලයක් පැවති නඩු විභාගයකින් අනතුරුව පසුගියදා එරට අධිකරණය විසින් මෙම තීන්දුව ලබා දී තිබෙනවා.