පොහොට්ටු කණ්ඩායමේ විශේෂ හමුවේ අරමුණ

අද (11) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශේෂ සාකච්ජාවක් පවත්වා තිබෙන බව වාර්තා වෙනවා.

මෙම විශේෂ සාකච්ජාව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ මහ ලේකම් සාගල කාරිවසම් සහ ජාතික සංවිධායක පාර්ලමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මුලස්ථානයේදී පැවැත්වූ බව සඳහන් වෙනවා.

මෙහිදී ප‍්‍රධාන වශයෙන් පක්ෂයක් ලෙසින් එළඹෙන පළාත් පාලන මැතිවරණයට සූදානම් වීම සම්බන්ධව සාකච්ඡා කර ඇති බව වාර්තා වන අතර, මෙම අවස්ථාවට, පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රී කණ්ඩායම සහ පළාත් පාලන නියෝජිතයන් පිරිසක්ද එක්ව සිටි බව වාර්තා වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *