කටඋත්තර දෙන්න ආව රාජක්ෂ යුවල

යෝෂිත රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ අද (25) උදෑසන කොම්පඤ්ඤ වීදිය පොලීසියට පැමිණියා.
ඒ පසුගියදා කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ පිහිටි රාත්‍රි සමාජ ශාලාවක ඇති වූ ගැටුම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි.
එම ගැටුමට අදාළව සැකකරුවන් තිදෙනෙක් පොලීසිය විසින් හඳුනාගෙන ඇති අතර, අදාළ මත ගැටුම හේතුවෙන් එහි සිටි ආරක්ෂක නිලධාරියෙකුට පහරදීමට ලක්ව තිබුණු අතර, තුවාල ලැබූ ආරක්ෂක නිලධාරියා මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට දෙහිවල, අත්තිඩිය, තිඹිරිගස්යාය ප්‍රදේශයන්හි පදිංචිකරුවන් පිරිසක් පොලීසිය විසින් හඳුනාගෙන තිබෙන අතර, මෙම සැකකරුවන් මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව පොලීසිය පවසනවා.
