නෑ කිව්ව රතු හාල් ඇවිත් තියෙන්නෙ මෙහෙමයි

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සහල් ජාවාරමක් පිළිබඳ තොරතුරු හෙළිකරගෙන තිබෙනවා. ඒ රතු කැකුළු සහල් වෙනුවට සුදු කැකුළු මිශ්‍ර කර අලෙවි කිරීමේ සිද්ධියක්.

වෙළෙඳපොළ තුළ පවතින රතු කැකුළු සහල් හිඟය හේතුවෙන් ඇතැම් ව්‍යාපාරිකයින් විසින් මෙම ජාවාරම ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වෙනවා.

මේ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැමිණිලි රැසක් ලැබී ඇති බව ද සඳහන්යග

ඒ අනුව, ඒ සම්බන්ධයෙන් වැටලීම් සිදුකරන ලෙස උපදෙස් ලබාදී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා බවසනවා.

මේ අතර, පසුගිය දින කිහිපය තුළ පාලන මිලට වැඩියෙන් සහල් අලෙවි කිරීම සම්බන්ධයෙන් වැටලීම් 140 කට වැඩි ප්‍රමාණයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිදුකර තිබෙන අතර, ඊයේ දිනයේ සිදුකළ වැටලීමක දී වැඩි මිලට සහල් අලෙවි කළ ගම්පහ ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැලකට එරෙහිව රුපියල් ලක්ෂ 10 ක දඩයක් පැනවීමට ද කටයුතු කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *