වැලිගම සිද්ධියේ ඉතිරි 6 දෙනත් අධිකරණයට

මාතර, වැලිගම හෝටලයකට වෙඩිතැබීමේ සිද්ධියට අදාළව චෝදනා එල්ල වී ඇති කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD) නිලධාරීන් 6 දෙනාද මෝසමක් මගින් මාතර අධිකරණයට අද (21) භාර වී තිබෙනවා.
මෙම සිදුවීමට අදාළව එවක පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා ඇතුළුව මෙම නිලධාරීන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකරණය පසුගිය මස 27 වනදා නියෝගයක් ලබාදී තිබෙනවා.
කෙසේ නමුත් තෙන්නකෝන් මහතා අධිකරණය මගහැර සිටි පසුබිමක අභියාචනාධිකරණයේදී ඇතිකර ගත් එකඟතාව මත මූලික විමර්ශන අවසන් වනතෙක් කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඇතුළුව මෙම නිලධාරීන් අත්අඩංගුවට නොගන්නා ලෙසට නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා.
පොලිස්පති ධුරයේ වැඩ අත්හිටුවන ලද දේශබන්දු තෙන්නකෝන් මහතා දින 20 කට පසුව මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉකුත් 19 වනදා උදෑසන භාරවුණා.
2023 වසරේ දී සිදුවූ මෙම වෙඩිතැබීමෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයෙක් මියගිය අතර, එම සිද්ධියට පදනම්කර ගනිමින් මාතර මහෙස්ත්‍රාත් අධිකරණය මෙම නඩුව පවරා තිබෙනවා.
