රිමාන්ඩ් ගත කළ විදුහල්පති

උතුරු මැද පළාතේ පාසල්වල 2024 අවසන් වාර විභාගයේ 11 ශ්‍රේණිය සිංහල සහ බුද්ධාගම ප්‍රශ්නපත්‍ර සැලසුම් සහගතව ඉතා සූක්ෂම අයුරින් පාර්සල්වල මුද්‍රා කඩා පිටතට ගෙන ජංගම දුරකථනයකින් ඡායාරූප ගත කළ, තඔුත්තේගම ප්‍රදේශයේ උපකාරක පංති ගුරුවරයෙකුට වට්ස්ඇප් ඔස්සේ යැවීම තුළින් රජයට රුපියල් එක් කෝටි පහළොස් ලක්ෂයකට අධික මුදලක් අලාභ සිදු කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ වැඩබලන විදුහල්පතිවරයෙකු මේ මස 7 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා විසින් මෙම නියෝගය ලබා දුන් බව වාර්තා වෙනවා.
මෙම ප්‍රශ්නපත්‍ර වංචාවට සම්බන්ධ බවට සැක කෙරෙන අනෙකුත් සැකකරුවන්ද වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට තවදුරටත් නියෝග කර තිබෙනවා.