හිස තෙල් ගෑමේ චාරීත‍්‍රය

සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ තවත් සුවිශේෂී නැකැත් චාරිත්‍රයක් වන හිසතෙල් ගෑමේ චාරිත්‍රය අද 16 පෙරවරු 09.04 ට යෙදී තිබුණා.
කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා හිසට කොහොඹ පත් ද පයට කොලොන්පත් ද තබා කොහොඹපත් යුෂ මිශ්‍ර නානු ගා තෙල් ගා ස්නානය කිරීම මැනවි බව අවුරුදු නැකැත් සීට්ටුවේ සඳහන් වෙනවා.
මෙවර හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවය මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේ නාථ දේවාල භූමියේදී පැවැත්වෙනවා.