නැවතත් කරළියට එන සංජීව-පද්මේ කතන්දරය

ඊයේ (13) රාත්‍රියේ වැලිවේරියේ දී සිදුකළ වෙඩිතැබීමෙන් තුවාල ලබා ඇත්තේ අපරාධකරුවකු වන කෙහෙල්බද්දර පද්මේගේ සමීපතමයෙකු බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. ඒ අනුව ගණේමුල්ල සංජීව ඝාතනයට පලිගැනීමක් ලෙස මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවට පොලීසිය සැක කරනවා.

කෙසේ නමුත් වාර්තා වෙන ආකාරයට, එම තරුණයා මෙතෙක් කිසිදු අපරාධ චෝදනාවක් එල්ල වී නොමැති අයෙකි.

වැලිවේරිය, අරලියගහ හංදිය ප්‍රදේශයේදී ඊයේ (13) රාත්‍රී 9.10 ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ලකර තිබුණි. එම ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ 26 හැවිරිදි විනෝත් දිල්ශාන් නම් තරුණයෙකි.

සංචාරකයන් ප්‍රවාහනය කරන මෝටර් රථයක් කුලී පදනම මත පදවන එම තරුණයාට, එම රථයේ හිමිකරු විසින් ඊයේ රාත්‍රියේ සංචාරකයෙකු ගාල්ල ප්‍රදේශයට රැගෙන යාම සඳහා වැලිවේරියට යන ලෙසට දැනුම් දී තිබෙනවා. එලෙස පැමිණෙමින් සිටින අතරතුරදී ඔහු වෙඩි ප්‍රහාරයට ලක්ව තිබෙනවා.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ තරුණයා තුවාල සහිතව මෝටර් රථය ගම්පහ රෝහල තෙක් පදවාගෙන ගොස් තිබෙන අතර, වෙඩි ප්‍රහාරය ඔහුගේ අතකට එල්ල වී තිබුණත් බරපතළ තුවාල සිදුව නොමැත බව වාර්තා වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *