අණ නොතකා ගිය මෝටර් රථයේ රහස

මාලඹේ පොලිස් වසමට අයත්, හෝකන්දර, විස්කම් මාවත ප්‍රදේශයේ දී පොලිස් අණ නොතකා ධාවනය වූ මෝටර් රථයකට පොලීසිය විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙන බව වාර්තා වෙනවා.
ඊයේ 23 රාත්‍රියේ මාලඹේ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකරන අතරතුර මෝටර් රථයක් නැවැත්වීමට සංඥා කර තිබෙන අතර, එහිදී අදාළ මෝටර් රථය එක්වරම පිටුපසට ධාවනය කර තිබෙනවා. එම අවස්ථාවේ පොලිස් නිලධාරියෙකු විසින් මෝටර් රථයේ රෝදයකට වෙඩි තැබූ බවත්, එහිදී මෝටර් රථය ඒ අසල විදුලි කණුවක ගැටී නතර වී තිබෙනවා.
අනතුරව පොලිස් නිලධාරීන් විසින් සිදුකළ පරීක්ෂාවේ දී රියදුරු අසුන යට සඟවා තිබූ කේරළ ගංජා කිලෝ 01 ග්‍රෑම් 800ක් සොයාගෙන තිබෙන අතර, එම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ අවුරුදු 30 ක් වූ සැකකරු හා 33 හැවිරිදි සැකකාරිය පසුව අත්අඩංගුවට ගෙන තිබෙන බව සඳහන් වෙනවා.
ඔවුන් දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළක් බවත්, වැඩිදුර සිදුකළ විමර්ශනයේදී සැකකරුවන් පදිංචිව සිටින නිවසේ තිබී තවත් කේරළ ගංජා කිලෝ 01ක් පමණ ප්‍රමාණයක් හා ජාවාරම සඳහා යොදා ගත් තරාදියක් සොයාගෙන තිබෙනවා.
මේ පිළිබඳව වැඩිදුර විමර්ශන මාලඹේ පොලීසිය විසින් සිදුකරනු ලබයි.