රුසියන් කත සොයා ආ සෙල්ෆි මාරයා

අද (19) උදෑසන දුම්රියේ ගමන් කරන අතරතුර සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කළ විදෙස් ජාතික කාන්තාවක් දුම්රියෙන් ඇදවැටී මියගොස් තිබෙන බව වාර්තා වෙනවා. මෙම අනතුර සිදුව තිබුණේ බදුල්ල බිංගෙයට නුදුරු අමුණුවැල්පිටිය 180රැ25 කණුව අසලදීයි.
එම විදෙස් ජාතික කාන්තාව බදුල්ල සිට කොළඹ කොටුව බලා ධානය වූ පොඩි මැණිකේ දුම්රියෙන් මෙලෙස ඇද වැටී තිබුණු අතර, එම අනතුරින් මියගොස් ඇත්තේ, පර්සිනෝමා ඔල්ගා නමැති 50 හැවිරිදි රුසියානු ජාතික කාන්තාවක් බව වාර්තා වෙනවා.
මියගිය තැනැත්තිය 12 දෙනෙකුගෙන් යුත් පිරිසක් සමග රුසියාවේ සිට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණ තිබුණු අතර, එම කණ්ඩායම සමග අද උදෑසන බදුල්ලට පැමිණ බදුල්ලේ සිට ඇල්ල දක්වා ගමන් කරන අතරතුර දුම්රියේ එල්ලී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කර තිබෙනවා.
එම අවස්ථාවේදී දුම්රිය මාර්ගය අද්දර පස් කණ්ඩියක ගැටී ඇද වැටී ඇති බව විමර්ශනවලදී අනාවරණය වූ බව පොලීසිය පවසනවා.
පසුව එම තුවාලකාරිය එම දුම්රියෙන් රැගෙන විත් හාලිඇළ දුම්රිය ස්ථානයට භාරදීමට කටයුතු කර තිබෙනවා.