නාගලගම්වීදිය සිද්ධියේ වෙඩික්කරු අත්අඩංගුවට

පසුගිය 17 වැනිදා ග්‍රෑන්ඩ් පාස් පොලිස් වසමේ නාගලගම්වීදිය ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා තුවාල සිදු කිරීමේ සිද්ධියට අදාල වෙඩික්කරුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.
ඒ අනුව එම සැකකරු අද (25) පෙරවරුවේ ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.
මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ වයස අවුරුදු 32 ක් වූ වේල්කුමාර මාවන, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වෙනවා.
සැකකරු අළුත් කඩේ අංක 04 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, මෙම අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් තිදෙනෙකු හා සැකකාරියක් විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
