සෙංකඩගල පුරවරයේ අද තත්වය

මෙරට බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වන, ලොව පුරා බෞද්ධයන්ගේ නොමඳ ගෞරවාදරයට පාත‍්‍ර වූ, අති පූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ අවස්ථාව දෙස් විදෙස් ජනතාවට උදාකරන “සිරි දළදා වන්දනාව” අවසන් දිනය අදට (27) දිනට යෙදී තිබෙනවා.

ඒ අනුව, අද පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා දළඳා වන්දනාව සඳහා සැදැහැවතුන්ට අවස්ථාව හිමිවනවා.

සෙංකඩගල රාජධානියේ ඓතිහාසික ශ්‍රී දළදා මාලිගයේ වැඩවෙසෙමින් ලෝ වාසී බෞද්ධයන්ගේ ගරු බුහුමන් ලබන ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැක වන්දනාමාන කරගැනීමේ අවස්ථාව දෙස් විදෙස් ජනතාවට උදාවුණේ පසුගිය 18 වනදා සිටයි.

ගතවූ දින 09 තුළ සැදැහැවතුන් ලක්ෂ සංඛ්‍යාත පිරිසකට .සිරි දළදා වන්දනාව. සඳහා අවස්ථාව හිමිවූ අතර, තවත් විශාල පිරිසක් අද දිනයේ ද දළදා වන්දනාව සදහා පෝලිම්වල රැදී සිටින බව වාර්තා වෙනවා.

මේ අතර, මහනුවර නගරයේ එක්රැස්වී ඇති කසළ ඉවත් කිරීම ඇතුළු නගරය ආශ්‍රිත පවිත්‍රතා වැඩසටහනක් ආරම්භ කිරීමටද පියවර ගෙන තිබෙන බවත්, අද දිනයේ සිට එම වැඩපිළිවෙළ ආරම්භ කිරීමට නියමිත බවත්, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා සදහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *