භූ කම්පනයෙන් පසු එහි සිටින ශ‍්‍රී ලාංකිකයින්ගේ තත්වය

මියන්මාරයට බලපා ඇති ප්‍රභල භූකම්පනයෙන් පසු එරට රැඳි සිටින ශ්‍රී ලාංකිකයින්ට හෝ තායිලන්තයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට කිසිඳු බලපෑමක් සිදුව නොමැති බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරනවා.

ඒ වගේම, දෙරටේ සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් තවදුරටත් පසු විපරම් සිදුකරන බවත් ඔවුන් පවසනවා.

එමෙන්ම, හදිසි අවස්ථාවකදී තායිලන්තයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට ූ66 812498011 හදිසි දුරකථන අංකයට සම්බන්ධ වන ලෙසත් විදේශ කටයුතු අමාත්‍යංශය උපදෙස් ලබා දී තිබෙන බව සඳහන් වෙනවා.

මියන්මාරය තුළ ශ්‍රී ලාංකිකයින් 200 ක් පමණ රැඳී සිටින අතර, තායිලන්තයේ බැංකොක් නුවර තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් රැඳී සිටින විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *