ශ‍්‍රී ලංකා මාස්ටර්ස් සංචිතය නම් කෙරේ

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන .ඉන්ටර්නැෂල් මාස්ටර්ස් ලීග්. ක්‍රිකට් තරගාවලිය එළැඹෙන 22 වැනිදා ඉන්දියාවේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකාව හා සත්කාරක ඉන්දියාව සමගින් බ.ඉ.කොදෙව්, ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව නියෝජනය කරමින් කණ්ඩායම් 5 ක් මෙහිදී ක්‍රීඩා කරන බව වාර්තා වෙනවා.

මාර්තු 16 වනදා දක්වා පැවැත්වෙන මෙම තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම සහ ඉන්දියා මාස්ටර්ස් කණ්ඩායම අතර පෙබරවාරි 22 වැනිදා පැවැත්වීමට නියමිතයි.

මේ අතර පසුගියදා, මෙම තරගාවලියට එක්වන ශ්‍රී ලංකා මාස්ටර්ස් සංචිතය නිවේදනය කර තිබෙනවා.

එම සංචිතය පහතින් දැක්වෙනවා.

කුමාර් සංගක්කාර (නායක),

රොමේෂ් කළුවිතාරණ,

අෂාන් ප්‍රියන්ජන්,

උපුල් තරංග,

නුවන් ප්‍රදීප්,

ළහිරු තිරිමාන්න,

චින්තක ජයසිංහ,

සීක්කුගේ ප්‍රසන්න,

ජීවන් මෙන්ඩිස්,

ඉසුරු උදාන,

ධම්මික ප්‍රසාද්,

සුරංග ලක්මාල්,

ඩිල්රුවන් පෙරේරා,

අසේල ගුණරත්න,

චතුරංග ද සිල්වා 
 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *