හිස තෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය

සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවයට සමගාමීව පැවැත්වෙන හිස තෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේ, ශ්‍රී මහා නාථ දේවාල භූමියේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

අප්‍රේල් මස 16 වැනි බදාදා පූර්ව භාග 09.04 ට යෙදෙන සුබ මොහොතින් හිස තෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය පැවැත්වෙන අතර, මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු සහ අස්ගිරි උභය විහාර පාර්ශ්වයේ අති පූජ්‍ය මහනායක ස්වාමීන්වහන්සේලාගේ අනුශාසකත්වයෙන් මෙය පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

එය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *