මේ මොහොතේ පාර්ලිමේන්තුවේ තත්වය

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් 2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
පසුගිය ජනවාරි මස 9 වැනිදා පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දෙවැනිවර කියවීමේ විවාදය පෙබරවාරි 18 සිට 25 දක්වා දින 7 ක් පැවැත්වීමට නියමිත වෙනවා.
අනතුරුව අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම හෙට (25) දිනයේ දී පැවැත්වීමට නියමිතව ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරන අතර, 2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය ලබන 27 වනදා සිට මාර්තු 21 වන දින දක්වා දින 19 ක් පැවැත්වීමට නියමිතයි.
ඉන් අනතුරුව විසර්ජන පනත් කෙටුම්පත තෙවනවර කියවීමේ ඡන්ද විමසීම මාර්තු 21 වැනිදා පැවැත්වෙන බව සඳහන් වෙනවා.