පාප් වහන්සේගේ අද තත්වය

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය තරමක අසාධ්‍ය තත්ත්වයේ පසුවුවත් සියලු දේ සඳහා නිසි ප්‍රතිචාර දැක්වීම සිදුකරන බව වතිකානුව නිවේදනය කරනවා.
එමෙන්ම දිව්‍ය පූජාව සඳහාද උන්වහන්සේගේ අශිර්වාදය ලැබී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
පාප් වහන්සේ ඊයේ (23) අසාධ්‍ය තත්ත්වයේ පසුවූ අතර වෛද්‍යවරු පවසා තිබුණේ රුධිර පරීක්ෂණ අනුව, උන්වහන්සේගේ වකුගඩු අකර්මණ්‍ය වීමේ මුල් අවධියේ ලක්ෂණ පෙන්නුම් කළ බවයි.
88 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප්වහන්සේ පසුගිය සතියේ දී රෝහල්ගත කෙරුණේ ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් වන අතර, පසුව උන්වහන්සේගේ පෙනහලු දෙකේම නියුමෝනියා රෝගී තත්ත්වයක් වර්ධනය වී තිබුණා.
පසුව දැරුණු ඇඳුම රෝගී තත්ත්වයකින් උන්වහන්සේගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය උත්සන්න වූ අතර ශරීරයේ රුධිර පට්ටිකා මට්ටම පහත යාමත් සමග උන්වහන්සේට රුධිරය ලබා දීමටත් සිදුව තිබුණා.
එමෙන්ම ශ්වසන අපහසුතා හේතුවෙන් ඔක්සිජන් ලබාදීමටත් වෛද්‍යවරුන් පියවර ගත් බවත්,
උන්වහන්සේගේ රෝගී තත්ත්වය වෙනුවෙන් කෙරෙන ප්‍රතිකාර ද තවදුරටත් ක්‍රියාත්මක බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
පාප්වහන්සේ විසින් සිය සෞඛය තත්ත්වය පිළිබඳව ජනතාවට විවෘතව දැනුම් දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලීම් කර තිබුණු අතර, ඒ අනුව වතිකානුව උන්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වරින් වර නිවේදන නිකුත් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.
මෙවන් පසුබිමක ලොව පුරා කිතුණු ප්‍රජාවගේ උත්තරීතර ආගමික නායකයා වන ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ සුවය පතා කිතුණු ප්‍රජාව යාඥා කිරමින් සිටිනවා.
