විනිසුරුවන් දෙදෙනෙකුම ඉවත් වූ අරුම පුදුම නඩුව

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහි නඩුව විභාග කරන දෙවන විනිසුරුවරයාත්, අද (27) දින එම නඩු විභාගයෙන් ඉවත් වී තිබෙන බව වාර්තා වෙනවා.
මෙම නඩුව විභාග කළ විනිසුරු මංජුල තිලකරත්න මහතා එම නඩුවෙන් ඉවත්වන බව අද පෙරවරුවේ දැනුම් දී තිබෙනවා. ඉන් අනතුරුව එම නඩුව වෙනුවෙන් මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අතර, විනිසුරු සුජීව නිශ්ශංක මහතා ද තමන් මෙම නඩු විභාගයෙන් ඉවත් වන බව සඳහන් කර තිබෙනවා.
ඒ අනුව, මෙම නඩුවට සුදුසු විනිසුරුවරයෙකු නම් කිරීම සඳහා, එය මැයි මස 21 වන දා කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ කැඳවන ලෙසත් නියෝග කළ බව වාර්තා වෙනවා.
