ඊශ‍්‍රායල ප‍්‍රහාරයෙන් මිය ගිය ප‍්‍රබලයා

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් දකුණු ගාසා තීරයේ හමාස් දේශපාලන නායකයා මිය ගිය බව හමාස් සංවිධානය පවසනවා.

ඊශ්‍රායලය විසින් දකුණු ගාසා තීරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ දේශපාලන නායකයෙකු සහ ඔහුගේ බිරිඳ ජීවිතක්ෂයට පත්ව තිබෙන බවත්, මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සලාහ් අල්-බර්ඩවීල් නම් අයෙකු සහ ඔහුගේ බිරිඳ වන බව, හමාස් සංවිධානය පවසා තිබෙනවා.

මේ අතර, ගාසා තීරය වෙත ගුවනින්, මුහුදෙන් සහ ගොඩබිමින් එල්ල කරන ප්‍රහාර තීව්‍ර කරන බව ඊශ්‍රායලය අනතුරු අඟවා තිබුණු අතර, ඒ අනුව ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ තුර්කි – පලස්තීන මිත්‍රත්ව රෝහල ඉලක්ක කරමින් දැවැන්ත ගුවන්ප්‍රහාරයක් ද එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විශේෂයෙන් පිළිකා රෝගීන් වෙනුවෙන් වෙන් වූ මෙම රෝහල සැලකෙන්නේ ගාසා තීරයේ විශාලතම රෝහල ලෙසයි.

කෙසේ වෙතත්, ගාසාහි සිටින සියලුම ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන තෙක් ප්‍රහාර දියත් කිරීම ඊශ්‍රායලයේ සැලසුම් වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *