හොරට ලියාපදිංචි කර හසුවූ සුපිරි මෝටර් රථය

ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ වාහන සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදු කරගෙන යනු ලබන විමර්ශන කටයුතුවලට අදාළව, ටොයෝටා ලෑන්ඩ් කෘෘෂර් වර්ගයේ රථයක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකර තිබෙනවා.

ඒ ආකාරයට නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කල, ටොයෝටා ලෑන්ඩ් කෘෘෂර් වර්ගයේ රථයක්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික ලෙස ලියාපදිංචි කිරීම තුළින් දූෂණය, වරදට ආධාර අනුබල ලබාදීමේ චෝදනාව යටතේ වාහන වෙළඳාම් කිරීමේ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.

එසේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ, මොරොන්තුඩුව ප්‍රදේශයේ පදිංචි වාහන වෙළඳාම් කිරීමේ ව්‍යාපාරිකයෙකු වන අතර, ඉකුත් (03) වනදා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසිනි.

සැකකරු ඊයේ (04) පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, එළඹෙන (07) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, එදිනට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කරන ලෙසද බන්ධනාගාරයට නියෝග කෙරුණු බව වාර්තා වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *