කොටහේන ඝාතනයට අනුබල දුන් සැකකරු

කොටහේන ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩිතබා සිදුකළ ඝාතනයට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසු ගිය 21 වනදා කොටහේන ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ අපරාධය සම්බන්ධයෙන් කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබෙන අතර, එම විමර්ශනයේ යෙදෙන නිලධාරීන්ට ලද තොරතුරක් මත අපරාධයට සම්බන්ධ සැකකරුවෙකු ඊයේ (23) දහවල් කාලයේදී මෝදර, මෙත්සඳ සෙවණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 28 ක් වන මෝදර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු සම්බන්ධයෙන් සිදු කරන ලද වැඩිදුර විමර්ශනයේදී මොහු විදෙස් රටක සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමඟ සමීප සම්බන්ධතා පවත්වමින් මෙරට අපරාධ ක්‍රියාකාරකම් මෙහෙයවනු ලබන පුද්ගලයෙකු බවට තොරතුරු අනාවරණය වී තිබෙන බව සඳහන් වෙනවා.

එමෙන්ම මෙම සැකකරු විසින් කොටහේන වෙඩි තැබීමට පැමිණි වෙඩික්කරු කොළඹ කොටුව ප්‍රදේශයේ සිට ඔහුගේ ත්‍රීරෝද රථයෙන් කොස්ගස්හන්දිය ප්‍රදේශයේ පිහිටි සිය බිරිඳගේ නිවසට කැඳවාගෙන විත් අපරාධය සඳහා ගිනි අවිය හා පතොරොම් ලබා දී ඇති බවටත් අනාවරණය වී තිබෙනවා.

තවද මෙම සැකකරු විසින් පසුගිය 10 වනදාත්, කොටහේන ප්‍රදේශයේ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධය සඳහා ද ගිනි අවිය ලබා දුන් පුද්ගලයා බවට අනාවරණය වී ඇති බව පොලීසිය පවසන අතර, සැකකරු ඉදිරි විමර්ශන සඳහා, කොටහේන පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙන බව වාර්තා වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *