ජීවිත 06 ක් අහිමි කළ දුම්රිය අනතුර

ඊයේ (19) රාත්‍රියේ මඩකලපුව මාර්ගයේ ගල්ඔය සහ මින්නේරිය දුම්රිය ස්ථාන අතරදී වන අලීන් 07 දෙනෙකු දුම්රියක ගැටී තිබෙනවා. මෙම අනතුරින්, වනඅලි 6 දෙනෙකු මියගොස් තිබෙන බව වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
මඩකලපුව කොළඹ ප්‍රධාන දුම්රිය මාර්ගයේ මින්නේරිය ගල්ඔය අතර කැලෑබද ප්‍රදේශයේදීල 141 වන සැතපුම් කනුව ආසන්නයේදී ඊයේ රාත්‍රී 11.30 ට පමණ මෙම අනතුර සිදු නී තිබෙන බව පොලීසිය පවසනවා.
මෙම අනතුරට මුහුණ පා තිබෙන්නේ, මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වූ මීනගයා නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියයි.
කවුඩුල්ල රක්ෂිතයේ සිට දුම්රිය මාර්ගය හරහා ගමන් කරමින් සිටි වනඅලි රංචුවක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර, අනතුරින් වන අලි 6 දෙනෙකු මියගොස් තිබෙනවා. ඒ අතර වයස අවුරුදු 3ක් පමණ වූ අලි පැටවෙකු ද වන බව කවුඩුල්ල ජාතික වන උද්‍යානයේ නිලධාරීන් සඳහන් කරනවා.
කෙසේ හෝ මෙම අනතුරත් සමග දුම්රිය පීලි පැනීමට ද ලක්ව තිබෙන අතර, දුම්රිය පීලි පැනීම නිසා දුම්රිය මාර්ගයට දැඩි හානි සිදු වි තිබෙනවා.
මියගිය වන අලි 6 දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ මේ වනවිට ආරම්භ කර ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
වැඩිදුර පරීක්ෂණ කටයුතු කවුඩුල්ල ජාතින වන උද්‍යානයේ වනජීවි නිලධාරීන් ගල්ඔය පොලීසිය හා දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන් එක්ව සිදු කරන බව වාර්තා වෙනවා.