ට‍්‍රම්ප් පාලනය දැඩි වැඩිද මන්දා

අමෙරිකාවේ ට්‍රම්ප් පරිපාලනය කැනඩාව සහ මෙක්සිකෝව මත ඉහළ නැංවූ 25% ක තීරුබදු ඊයේ (04) සිට ක්‍රියාත්මක වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
එමෙන්ම චීන ආනයන මත ඉහළ නැංවූ තීරුබදු ක්‍රමය ද ඊයේ සිට ක්‍රියාත්මකයි.
අමෙරිකාව මෙම තීරණය ගත්තේ අදාළ රටවල සිට එරටට නීතිවිරෝධීව මත්ද්‍රව්‍ය ගලා ඒම වැළැක්වීමේ අරමුණින් වන අතර, මෙම තීන්දුවත් සමඟ කොටස් වෙළෙඳපොළ මිල පහත වැටී ඇති අතර, අමෙරිකානු ආනයන මත ද එවැනිම බදු පනවන බවට අදාළ රටවල් තුනම අවධාරණය කර තිබෙනවා.
ඩොනල්ඩ් ට්‍රම්ප් ඉකුත් සතියේදී ද චීනයට 10% ක නව තීරුබදු පැනවීමක් සිදුකරන බව නිවේදනය කර තිබුණා. පසුගිය සඳුදා අත්සන් කළ නව විධායක නියෝගය අනුව, එම ප්‍රතිශතය සියයට 20 ක් දක්වා ඉහළ යනු ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.