අතටම හසුවුණූ ජාවාරම්කරුවන් දෙදෙනා සහ රේගු නිලධාරියා

නීතිවිරෝධී දුම්වැටි සමග රේගු නිලධාරියෙකු ඇතුළු තවත් දෙදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ, රුපියල් අනූ ලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධීව මෙරට රැගෙන විත්, කටුනායක ගුවන් තොටුපොළෙන් පිටකරගෙන යමින් සිටියදීයි.

දුම්වැටි තොගය මෙරටට රැගෙන ආ ව්‍යාපාරිකයා සහ ඔහුගේ සහායකවරයා ඩුබායි සිට මෙරට ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණු අතර, එහිදී රේගු නිලධාරීවරයා සිය රාජකාරී හැදුනුම්පත ඉදිරිපත් කර ගුවන් තොටුපොළට පිවිස මෙම දුම්වැටි තොගය ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටියදී අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ඒ සමග විදේශීය නිශ්පාදිත දුම්වැටි 60,000 ක් සමගින් දුම්වැටි කාටුන් 300 ක් ද මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් සිය භාරයට ගෙන තිබෙන බව සඳහන් වෙනවා.

අත්අඩංගුවට ගත් පිරිස නීතිවිරෝධී ආනයනය, ජාවාරම් කිරිම සහ සන්තකයෙහි තබා ගැනීම යන චෝදනා යටතේ මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *