හිස් වුණු පාර්ලිමේන්තු ආසනය

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සාලි නලීම් මහතා ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව අද (15) පාර්ලිමේන්තුවේදී කථානායකවරයා විසින් සභාවට දැනුම් දී තිබෙනවා.

ඔහු මෙලෙස ඉල්ලා අස්වී තිබෙන්නේ, ඉදිරි පළාත් පාලන මැතිවණයේදී එරාවූර් නගර සභාවට ඉදිරිපත් වීම සඳහායි. ඔහු මෙලෙස ඉල්ලා අස්වූ බව ඊයේ (14) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඒ මහතා පවසා තිබෙනවා.

සාලි නලීම් මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වුණු මන්ත‍්‍රීවරයෙකි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *