වටිනාකම රුපියල් විසි හතර කෝටි තිස් ලක්ෂයක් ලූ

අද (20) අලුයම, නීති විරෝධිව මෙරටට රැගෙන ආ කොකේන් තොගයක් සමග බ්‍රසීල ජාතිකයෙකු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 59 හැවිරිදි බ්‍රසීල ජාතික ගුරුවරයෙක් වන අතර, ඔහු විසින් රැගෙන එන ලද කොකෙන් තොගය කිලෝ 04 ග්‍රෑම් 855 ක් වන බවත්, එහි එහි වටිනාකම රුපියල් විසි හතර කෝටි තිස් ලක්ෂයක් වන බවත්, රේගු නිලධාරීන් සඳහන් කරනවා.

අදාළ කොකෙන් තොගය රේගු නිලධාරීන් භාරයට ගෙන ඇති අතර, සැකකරු විසින් ඒවා කාඩ්බෝඩ් මත අලවා ඒ මත කලු පැහැති කඩදාසිද අලවා කාඩ්පත් 02 බැගින් කුඩා බෑග් 07ක් තුළ අසුරා, පසුව ඒවා ගමන් මල්ලෙහි අසුරා තිබූ බව රේගු නිලධාරීන් පවසනවා.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් මෙම මත්ද්‍රව්‍ය තොගය සමග මෙම ගුවන් මගියා සම්බන්ධව වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබෙන බව සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *