හිටපු ඇමති මහින්දානන්දට ලැබුණු තීන්දුව

හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා රිමාන්ඩ් භාරයට පත් කර තිබෙන බව වාර්තා වෙනවා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි විසින් අද (19) දහවල් අදාළ නඩුව කැඳවමින්, හිටපු අමාත්‍යවරයා යොමු කළ අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව අධිකරණ ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ අනුව, සැකකාර හිටපු අමාත්‍යවරයා ව මැයි 26 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.

හිටපු අමාත්‍යවරයා මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කළේ, චීනයෙන් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීමේ චෝදනාවට එරෙහිව සිදු වන නඩු විභාගයක් සම්බන්ධයෙනුයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *