මේ දවස්වල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙන වීඩියෝව

මහනුවර සිරි දළදා වන්දනාව අතරතුර රාජකාරියේ නිරත යුද හමුදා පොලීසියේ සෙබෙළෙකුට පොලිස් නිලධාරියෙකු බැණ වදින අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙනවා.

මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරන පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන්නේ මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝගයෙන් විමර්ශනයක් ක්‍රියාත්මක බවයි.

ඒ අනුව, මහනුවර දිස්ත්‍රික් 1 භාර පොලිස් අධිකාරීවරයා විසින් අදාළ විමර්ශනය ක්‍රියාත්මක කෙරෙන බව එම නිවේදනයේ සඳහන් වෙනවා.

කෙසේවෙතත්, අදාළ හමුදා නිලධාරියා සැදැහැවතුන් අඩුවෙන් රැඳීසිටි පෝලිමකට පිරිසක් ඇතුළු කිරීමට උත්සාහ කිරීමේදී මෙම සිදුවීම ඇතිවී තිබෙන බවත්, එහිදී රාජකාරියේ නිරත පොලිස් නිලධාරියා අදාළ හමුදා නිලධාරියාට බැණවැදී ඇති බව සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *