කටුනායකදී අත්අඩංගුවට ගත් කාන්තාව

රුපියල් මිලියන 12 ක පමණ වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය 1.200KG ක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.

එම සැකකාරිය අද (26) අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර, ඇය තායිලන්තයේ බැංකොක් සිට හොංකොං හරහා ශ්‍රී ලංකාවට පැමිණ තිබුණු බව සඳහන් වෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාරිය 38 හැවිරිදි ඉන්දීය ජාතික කාන්තාවකි.

මෙම කුෂ් මත්ද්‍රව්‍ය තොගය සැකකාරිය විසින් ගමන් මලුවල ආහාර පැකට් තුළ සඟවා රැගෙනවිත් තිබුණු අතර, සැකකාර කාන්තාව සහ සොයාගත් මත්ද්‍රව්‍ය වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාර දී තිබෙන බව සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *