වසර තුනක් පිරෙන්න දිනයක් තිබියදී කළ වැඩේ

රුසියාව විසින් යුක්‍රේනයේ ප්‍රදේශ රැසක් වෙත ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් සිදුකර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඊයේ (22) රාත්‍රී කාලයේ එල්ල කළ එම ප්‍රහාරවලින් සිවිල් වැසියන් තුවාල ලබා ඇති අතර, තුවාල ලැබූවන්ගේ නිශ්චිත සංඛ්‍යාවක් මෙතෙක් වාර්තා වී නොමැති බව යුක්‍රේන බලධාරීන් සඳහන් කරනවා.
රුසියාව විසින් ඩ්‍රෝන ප්‍රහාර 267 ක් පමණ මෙලෙස එක්වර දියත් කර ඇති බවත්, ඉන් ප්‍රහාර 100 ක් පමණ වළක්වා ගැනීමට හැකිවී ඇති බවත්, යුක්‍රේන ගුවන් හමුදාව ප්‍රකාශ කර තිබෙනවා.
රුසියාව විසින් යුක්‍රේනය පූර්ණ වශයෙන් ආක්‍රමණය කිරීම ආරම්භ කර වසර තුනක් සම්පූර්ණ වීමට එක් දිනයක් පමණක් ඉතිරිව තිබියදී මෙම ප්‍රහාරය සිදුවීම විශේෂ කරුණක් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.