ලෝක ප්‍රකට ඔස්කාර් සම්මාන උළෙල – 2025

ලෝක ප්‍රකට ඔස්කාර් සම්මාන උළෙල අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ඩොල්බි රඟහලේදී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා. 97 වැනි වරට සංවිධානය කෙරුණු ඔස්කා සම්මාන උළෙලේදී සම්මාන ප්‍රදානය කෙරුණේ කාණ්ඩ 23 ක් යටතේයි.

උළෙල මෙහෙයවූයේ අමෙරිකාවේ ප්‍රකට ප්‍රහසන රංගන ශිල්පී කොනන් ඕ බ්‍රයන් වන අතර, අරියානා ග්‍රාන්ඩේ සහ සින්තියා එරිවෝගේ ගායනයකින්, මේ අසිරිමත් උත්සවය ඇරම්ඹ වී තිබෙනවා.

හොඳම නළුවා ලෙස ද බෲටලිස්ට් චිත්‍රපටය වෙනුවෙන් ..ඒඩ්රියන් බ්‍රෝඩ්, 2025 ඔස්කා සම්මානයෙන් පිදුම් ලැබූ අතර, 2024 අවුරුද්දේ තිරගත වුණු, අනෝරා චිත්‍රපටයට සම්මාන රැසක් හිමිවූ බව සඳහන් වෙනවා.

ඒ හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂනය සහ හොඳම නිලියට හිමි සම්මානත් සමගිනි. අනෝරා චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ෂෝන් බේකර් වන අතර, මයිකි මැඩිසන් හොඳම නිලිය ලෙස ඔස්කාර් සම්මානට පාත්‍රවුණා.

හොඳම සහය නළුවා කීරන් කල්කින් වන අතර, ඒ අ රියල් පේන් (A Real Pain) චිත්‍රපටය වෙනුවෙනි.

මේ අතර, සෝයී ((z)) සල්ඩානා හොඳම සහය නිලිය ලෙස සම්මාන දිනාගත් බව වාර්තා වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *