ශුද්ධවූ සෙබස්තියන් මුනිඳුන්ගේ ප්‍රතිමා සොරකම

කඳාන සාන්ත සෙබස්තියන් සිද්ධස්ථානයේ තැන්පත් කර තිබූ වසර 175 කට වඩා පැරණි ශුද්ධවූ සෙබස්තියන් මුනිඳුන්ගේ පෙරහර ප්‍රතිමාවෙහි වූ රන් ආභරණය, ඔටුන්න හා ඊතල 7 ක් යම්කිසිවෙකු විසින් සොරගෙන ගොස් තිබෙන බව වාර්තා වෙනවා.

අගහරුවාදා (01) දින අලුයම මෙම සොරකම සිදුව ඇති බවත්, එම තැනැත්තා සිද්ධස්ථානයට පැමිණෙන අයුරු එහි සීසීටීවී කැමරාවක සටහන්ව ඇති බවත් පොලීසිය පවසනවා. පසුව එම පුද්ගලයා ප්‍රතිමාව ද රැගෙන පලාගොස් තිබෙනවා.

අලුයම 2 – 3 ත් අතර කාලය තුළදී මෙම සොරකම සිදුව ඇති අතර, ඒ පිළිබඳ සැලවීමත් සමඟ ප්‍රදේශවාසීන් හා පොලීසිය සිද්ධස්ථානයට පැමිණ ඒ ගැන සොයාබලා තිබුණා.

පැය 8 කට අධික කාලයක් සිදුකළ සෝදිසියකින් පසු ප්‍රතිමාව සොයාගැනුණේ සිද්ධස්ථානයට යාබද ප්‍රාථමික පාසලක වහලයක් මත පොහොර උරයක දමාගොස් තිබියදීයි.

කෙසේ වුවත්, ප්‍රතිමාවේ වූ ඔටුන්නල ඊතල හා රන් භාණ්ඩ එම තැනැත්තා සොරාගෙන ගොස් ඇති බව පොලීසිය සඳහන් කරනවා.

මේ අතර, එම ප්‍රතිමාව යළි සිද්ධස්ථානය තුළ තැන්පත් කොට විශේෂ ආශිර්වාද දේව මෙහෙයක්ද පවත්වා තිබෙන අතර, මෙම ප්‍රතිමාව 1848 වසරේදී දේවස්ථානයට ලැබී ඇති බවත්, එය දිවයිනේ විවිධ ප්‍රදේශවල දහස් ගණනක බැතිමතුන්ගේ මහත් භක්ත්‍යාදරයට පාත්‍රවූවක් බවත් සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *