එහෙනම් ට‍්‍රම්ප්ගේ හිතත් මෘදු වෙනවා

මෙක්සිකානු සහ කැනේඩියානු ආනයන මත පැනවූ බදු සංශෝධනයට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව, උතුරු අමෙරිකානු වෙළෙඳ ගිවිසුමට අයත්වන භාණ්ඩ සඳහා තීරුබදු පැනවීම තවත් මාසයකට අත්හිටුවීමට පියවර ගෙන ඇති බව වාර්තා වෙනවා.
චීනය හැරුණු විට අමෙරිකාවේ ප්‍රධානතම වෙළෙඳ ගනුදෙනුකරුවන් වන්නේ කැනඩාව සහ මෙක්සිකෝවයි. කෙසේ වුවද සිය දෙවන ධුර කාලය අරඹමින් කැනේඩියානු සහ මෙක්සිකෝ ආනයන මත බදු පැනවීමට ට්‍රම්ප් පරිපාලනය පියවර ගනු ලැබුවා.
එම බදු පැනවීම පසුගිය දා බලාත්මක වුවත්, මේවන විට එය සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බව නිදෙස් මාධ්‍ය වාර්තා කරනවා.