HIV අසාදිතයින් වාර්තා වීම කැපී පෙනෙන ලෙස වර්ධනය වෙලා

මෙරට තරුණ පිරිස අතර HIV අසාදිතයින් වාර්තා වීම කැපී පෙනෙන ලෙස වර්ධනය වෙමින් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
එහි ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පැවසුවේ පසුගිය වසරේදී අවුරුදු 15 ත් 24 ත් අතර වයස් කාණ්ඩයේ පසුවන පිරිස අතරින් HIV අසාදිතයින් 115 ක් හඳුනාගෙන ඇති බවයි.
පසුගිය වසරේදී මෙරටින් වාර්තා වී ඇති සමස්ත HIV අසාදිතයින් සංඛ්‍යාව 824 ක් වන අතර, ඒ අතරින් 718 ක්ම පිරිමි පුද්ගලයින් වෙනවා.
ඒ වගේම, පසුගිය වසරේදී වාර්තා වූ ඒඩ්ස් මරණ ගණන 47 කි. එම සංඛ්‍යාව 2023 වර්ෂය හා සැලකීමේදී 20% කින් පහළ යාමක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙනවා.
ඒ වගේම, මේවන විට ශ්‍රී ලංකාව තුළ HIV ව්‍යාප්තිය වැඩිවෙමින් පවතින බැවින් කඩිනමින් පරීක්‍ෂණ වෙත යොමුවන ලෙස ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන දැනුම් දෙනවා.
