කලින් තරම්ම අවධානමක් දැන් නැහැ

වතිකානුව විසින් විශේෂ නිවේදනයක් නිකුත්කර තිබෙනවා. ඒ පසුගිය කාලය පුරාවටම, ශ්වසන අපහසුතා අවස්ථා දෙකකට මුහුණ දුන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ රෝගී තත්ත්වය මේවන විට ස්ථාවර වෙමින් පවතින බවයි.

88 හැවිරිදි පාප් වහන්සේ පෙබරවාරි මැද භාගයේ සිට නියුමෝනියාව සඳහා ප්‍රතිකාර ලබමින් රෝහල් ගතව පසුවෙනවා. කෙසේවෙතත් මේවන විටත්, උන්වහන්සේ කෘත්‍රීම ස්වසන ආධාරයක් ඔක්සිජන් ලබා ගනිමින් පසුවන බව සඳහන් වෙනවා.

දින කිහිපයක් හුස්ම ගැනීමේ අපහසුතා අත්විඳීමෙන් පසු පෙබරවාරි මස 14 වන දින පාප් වහන්සේ රෝහල් ගත කිරීමට පියවර ගත් අතර, පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන බවත්, උන්වහන්සේ සම්පූර්ණයෙන්ම අසාධ්‍ය තත්ත්වයෙන් මිදී නොමැති බවත් වතිකානුව පවසනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *