එහෙම කරන්න කිසිම උවමානාවක් නෑ

විදුලි බල අවශ්‍යතාවයෙන් 70% ක් පුනර්ජනනීය බලශක්තියෙන් ලබාගැනීමේ ඉලක්කයක් තිබියදී, සූර්ය බලශක්තිය සීමා කිරීමේ කිසිඳු අදහසක් නොමැති බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා සූර්ය බල ශක්තිය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී ඇසු වාචික ප්‍රශ්නයකට පිලිතුරු ලබා දෙමින්, අමාත්‍යවරයා මේ බව පවසා තිබෙනවා.
“සූර්ය බල ශක්තිය ලබා ගැනීම සීමා කිරීමට, අඩු කිරීමට හෝ නැවැත්වීමට අපේ කිසිඳු අදහසක් නැහැ. ඒ වෙනුවෙන් කිසිඳු කමිටුවක් පත් කරලත් නෑ. විදුලි බල අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් ලබා ගැනීමේ ඉලක්කයක් කරා යන ගමනක් අපට තියෙන්නෙ. ඒ නිසා, සූර්ය බලශක්තිය අපට අවශ්‍යයයි. අපි, තිබූ තත්ත්වය ක්‍රමවත් කිරීමේ වැඩපිලිවෙලක් සිදුකරගෙන යනවා. අපේ බලශක්ති ප්‍රතිපත්තියට අනුව, මෙගාවොට් 2000ක් කඩිනමින් ජාතික විදුලි බල පද්ධතියට එකතු කිරීමත් අපේක්ෂාවක්. ඒ නිසා බොරු ප්‍රචාර කරන්න එපා. ඒ වගේම බොරු ප්‍රචාරවලට අහුවෙන්නත් එපා.”