තව ටික වෙලාවයි තියෙන්නේ

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඇප තැන්පත් කිරීමේ කටයුතු තව සුලූ මොහොතකින් අවසන් වෙන බව වාර්තා වෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙන්නේ ඇප තැන්පත් කිරීමේ කටයුතු භාරගැනීම පසුගිය 03 වනදා ආරම්භ කෙරුණු අතර කිසිම හේතුවක් මත එය අවසන් කිරීමේ දිනය දීර්ඝ නොකරන බවයි.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඇප තැන්පත් භාරගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාවලදී පහසුකම් සපයා තිබුණා.

මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීම හෙට 20 මධ්‍යහ්න 12 න් අවසන් වීමට නියමිත අතර, නාමයෝජනා භාරගැනීම ඉකුත් 17 වනදා ආරම්භ කෙරුණා.

ඒ අනුව, හෙට මධ්‍යහ්න 12 සිට පැය එකහමාරක කාලයක් විරෝධතා ගොනු කිරීමට කාලය ලබාදී ඇති බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කරනවා. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත්තේ ඉන් අනතුරුවයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *