මේව්වා නම් ජාතික අපරාධ

මෙරට ජනතාවට බෙදාහැරීම සඳහා ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවට අයත් වේයන්ගොඩ ගබඩා සංකීර්ණයේ ගබඩා කර තිබූ සහල්, පරිප්පු සහ රටඉඳි ඇතුළු ආහාර කිලෝග්‍රෑම් ලක්ෂ 15 කට වැඩි ප්‍රමාණයක් පරිභෝජනයට ගත නොහැකි ලෙස කල්ඉකුත් වී ඇති බව අනාවරණය වී තිබෙනවා.
මෙම ආහාර තොගය 2023 වසරේ දී ලෝක ආහාර වැඩසටහන යටතේ, ආධාර ලෙස ලැබුණු ඒවා බව සඳහන් වෙනවා.
ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවට අයත් මෙම වේයන්ගොඩ දිසා ධාන්‍යාගාරයට වර්ග අඩි 28,000 කින් සමන්විත ගබඩා 16 ක් ඇතුළත් වන අතර, ඉන් ගබඩා 10 ක් ආහාර ගබඩා කිරීම සඳහා යොදා ගනු ලබනවා.
පසුගිය වසරේදී ලෝක ආහාර වැඩසටහන යටතේ මෙරටට ලබාදී තිබූ සහල්, පරිප්පු සහ රටඉඳි කිලෝග්‍රෑම් 15 කට අධික තොගයක් එහි ගබඩා 3 ක ගබඩා කර තිබී ඇත්තේ දිළිඳු ජනතාවට සහ පාසල් ළමුන් හට නොමිලයේ බෙදාදීම සඳහායි.
කසකස්ථානය, ඕස්ට්‍රේලියාව ඇතුළු රටවලින් ලැබී තිබූ මෙම ආහාර තොගය නිසි කලට බෙදාහැරීමට බලධාරීන් අපොහොසත් වීම හේතුවෙන් මේ වනවිට එම ආහාර තොගය කල් ඉකුත් වී තිබෙන බව සඳහන් වෙනවා.
ඒ පිළිබඳව සොයා බැලීම සඳහා ජාතික ජන බලවේගයේ නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මුනීර්, පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම යන මහත්වරුන්, පොලිස් නිලධාරීන් ඇතුළු පිරිසක් වේයන්ගොඩ දිසා ධාන්‍යාරය වෙත පැමිණ තිබුණූ බව වාර්තා වෙනවා.