එයාලත් පටන් ගන්නයි හදන්නේ

ග්‍රාම නිලදාරීනියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින ගැටලු හේතුවෙන් හෙට (14) මධ්‍යම රාත්‍රී 12 සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය නිවේදනය කරනවා.

ඒ අනුව, එම සංගමය රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබෙන්නේ, රාත්‍රියේදී යෙදෙන ආපදා, මරණ ඇතුලු සියලු රාජකාරී වලින් ඉවත් වන බවයි.

අනාරක්ෂිත හා ජන ශුන්‍ය ප්‍රදේශවල පවත්වා ගෙන යන කාර්යාල වසා දැමීම හා තම ආරක්ෂාව තහවුරු වන ස්ථානයක සිට කාර්යාල කටයුතු සිදු කිරීම මෙන්ම, පස්වරු 01 දක්වා පමණක් කාර්යාලයේ රැදී සිටීම එම වෘත්තීය ක්‍රියා මාර්ග වලට ඇතුළත් වෙනවා.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගනු ලබන්නේ ග්‍රාම නිලධාරීනියන්ගේ ජීවිත ආරක්ෂාව සදහා කඩිනම් විසඳුම් ලබා ගැනීම සදහා බැවින්, ඊට කඩිනම් විසඳුම් ලබාදෙන තෙක් සියලු ග්‍රාම නිලධාරීන් මෙම වෘත්තීය ක්‍රියා මාර්ගය සදහා සම්බන්ධ වන බව ද ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය වැඩි දුරටත් දැනුම් දී තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *